මහකෙත

MahaKetha

කාලගුණය අහිතකර ලෙස වෙනස්වෙමින් පවතිනවා... පස නිසරු වෙලා... භෝග හානි කරන්න අලුත් දරුණු කෘමීන් බිහිවෙලා... මේවට විසඳුම් හැටියට මිනිසා විසින් තවත් හානිකර ක්‍රම උපායන් වලට පුරුදුවෙලා. මේ ක්‍රියාවන් නිසා, දිනෙන් දින ස්වභාව දහම තවත් විනාස වෙනවා. කන බොන දේ වස වෙනවා. මදක් නැවතිලා හිතන්න... ඔබ මේ දැන් වෙනස් නොවුනොත්, ඉස්සරහට ඔබට කන්න බොන්න ලැබෙන්නේ තනිකර වස විස බව මතක තබා ගන්න!

අපි අලුත් ගමනක් පටන්ගත්ත! මේ යන ගමනේදී මුළු ලෝකෙට උනත් කන්න දෙන්න අපි සුදානම්. අපි උත්සාහ කරන්නේ ස්වභාව දහමට හානියක් නොකර, වස විසෙන් තොරව, මිනිසාට අවශ්‍ය ආහාර පාන නිෂ්පාදනය කරගතහැකි නව ක්‍රම උපායන් සොයාගැනීමයි. අපි වෙනසක් කරන්න සූදානම්. ඔබ අපට උදවු කරනවා ද?