මහ කෙත logo එක ගැන පැහැදිලි කිරීමක්
අපේ logo එකෙන් පොඩි කතාවක් කියවෙනවා. අපි මොකක්ද කරන්න යන්නේ කියන දේ, සරලව, හරිම ලස්සනට ඒ logo එකෙන් පෙන්නනවා.
බීජයක් පැල කිරීම
මේ තියෙන්නේ බීජයක් සහ එකෙන් ආපු කුඩා අංකුරයක්. මේ තියෙන්නේ අපේ පළවෙනි අදියර. බීජයක් පැල කිරීම.
පාරම්පරික උරුමය
මේ තියෙන්නේ අපේ පාරම්පරික චිත්‍ර සහ කැටයම් වලට යොදාගත් ලියවැලක්. මේකෙන් කියවෙන්නේ, අපේ දේශීය, සම්ප්‍රදායන්. අපේ ආදී මුතුන් මිත්තන් භාවිතා කරපු තාක්ෂනයන් සහ ක්‍රම උපායන් අපි නැවතත් සොයාගැනීමට උත්සාහ කරනව.
වැඩුණු ගසක්
හොඳට වැඩුණු ගසින් කියවෙන්නේ අපි අන්තිමට කරන්න යන දේ. මනුෂ්‍යයාට අවශ්‍ය ආහාර ස්වභාව දහමට හානියක් නොකර, ආහාරයට ගන්න කෙනාටත් හානියක් නොකර, හොඳම විදියට හදාගන්න විදිය සොයාගැනීමයි.
අපේ ලෝකය
මේ අඩකව දෙකෙන් පෙන්නුම් කරන්නේ අපේ ලෝකය. මේ කියන්නේ අපි ලංකාවට පමණක් සීමා නොවී, අලුත් තාක්ෂනයන් උපයෝගී කරගෙන මුළු ලෝකයටම සේවාව සපයන්න සූදානම් බව.
මේ ඔක්කොම එකතු කරහම එන්නේ මේ වගේ තේරුමක්: නිවැරදි ක්‍රමයට, ලෝකයටම කන්න දෙමු.
විශේෂයෙන් ස්තූති කරන්න අවශ්‍යයි දර්ශන ප්‍රසාද් මහත්මාට මේ logo එක මේ විදියට නිර්මාණය කරාට. අපි එතුමාට අපි කවුද, logo එක මොනවිදියටද අවශ්‍ය කියල කිව්වම, ඔහු විසින් මේ ලස්සන logo එක අපිට හදල දුන්න.